කැලෑ පාළුවෝ හේන් කොටන මුවාවෙන් කතරගම වන රක්ෂිත වනසති


(කේ.ඩී.දේවප්‍රිය)

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව පිහිටි වන වනාන්තර කිසියම් පුද්ගලයන් පිරිසක් විනාශ කරන බව කතරගම ජනතාව පවසති.

හේන් හෙළි කරන මුවාවෙන් මෙම  මහා විනාශයන් සිදුකළත් වගකිව යුතු නිලධාරින් කිසිදු පියවරක් ගෙන නැතැයි ද නගර වාසීහු චෝදනා කරති.

දිර්ඝ කාලයක් පුරා කතරගම කිඹුල්කෙම, කොහොඹදිගාන, ගලහිටිය, වෙහෙරකෙම, කදසුරිදුගම, කරවීලේ, ලුණුගම් වෙහෙර රක්ෂීතසීමාව, නාගහවීදිය විදුලිවැට යාල මායිම්සීමාව, සිතුල්පව්ව වන සීමාව,තම්මැන්නාව රක්ෂීත වැව් පද්ධතියන් ඇතළු ප්‍රදේශයේ වටිනා වන සම්පත් මහා පරිමාණයෙන් වනසමින් ඉඩම් ඇල්ලීම සිදු කරන බව ප්‍රදේශවාසීහු පවසති.

කැලැ එළිකරන පිරිස් අතර ආරක්ෂ අංශ,රාජ්‍ය නිළධාරින්, ප්‍රදේශීය දේශපාලඥයින් හා ව්‍යාපාරිකයන් ද සිටින බව දැනගන්නට ඇත.

මේ වනවිටත් අක්කර 500 කට වැඩි රක්ෂිතය මෙන්ම වැව් ආරක්ෂීත පද්ධති. ඇලවේලි රක්ෂීත පද්ධති. ඇතුලු කතරගම ලුණුගම්වෙහෙර. යාල වන උද්‍යානය ආශ්‍රීත වනයන් මේ වනවිටත් විවිධ පුද්ගලයන් විනාශයට පත් කර තිබේ.