කැලේ ආරක්ෂා කරන්න ගිනි පටි


(රංජිත් රාජපක්ෂ)

නුවරඑලිය පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තරය ගින්නෙන් ආරක්ෂා කර ගැනිම සදහා ආරක්ෂක අංශ සහ රාජ්‍යය ආයතන කිහිපයක් එක් ව රක්ෂිතය තුළ ගිනි පටි සකස් කළේය.

නුවරඑලිය දිසා වන කලාප කාර්යාලය සහ නුවරඑලිය දැව සංස්ථාව මගින් එම සංරක්ෂිත වනාන්තරය තුළ ගිනි පටි සකස් කිරිමේ වැඩසටහන සංවිධානය කර තිබුණි.

නුවරඑළිය දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තරය මිට දින කිහිපයකට ප්‍රථම ගිනි ගැනිමක් වාර්තා වු බවත්, රක්ෂිතයේ ආසන්නයේ පදිංචිකරුවන් මෙවැනි ගිනි ගැනිම් සිදු කරන බව නුවරඑලිය ආපද කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලංහකොන් මහතා කියා සිටියේ.