කැස්බෑ පැටව් දිවි සැරිය සොයා යති


 

 

(ජේ.කේ.එල් චාමින්ද)

කැස්බෑ පැටවුන් නිදහස් කිරීමේ වැඩසටහනක් විදේශීය සංචාරකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් දැඩැල්ල වෙරළ තීරයේදී අද (03) පැවැත්විණි.

දඩැල්ල ශ්‍රි ශෛල මධ්‍යමාරාම විහාරස්ථානයේ එකමුතු තරුණ බෞද්ධ සංගමය මගින් මෙම කැස්බෑ පැටවුන් නිදහස් කිරීමේ වැඩසටහන සංවිධානය කොට තිබුණි. මෙම අවස්ථාවට එක්ව සිටි  විදේශිය සංචාරකයින් විසින් කැස්බෑ පැටවුන්  මුහුදු තීරයට නිදහස් කිරීම සිදුකරණු ලැබීය.

එකමුතු  තරුණ බෞද්ධ සංගමයේ  තරුණයින් විසින්  කැස්බෑ බිත්තර සංරක්ෂණය කොට  කැස්බෑ පැටවුන් මුදා හැරිමේ වැඩසටහන සංවිධානය කොට තිබුණි.