කිතුණු පුතුන් 5කට පූජක සේවාවරම්


(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු‍)
          
කිතුණු පුතුන් 5 දෙනෙකු වෙත පූජක සේවාවරම් ලබා දීමේ විශේෂ දිව්‍ය පූජා මෙහෙයක්  (01) පෙරවරු  කාර්මෙල් දේව මාතාවන් නමින් කැපකර ඇති හලාවත ආසන දෙව් මැදුරේදී හලාවත රදගුරු අති උතුම් දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්දිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්
පැවැත්විණි.

මේ වනවිට තේවාචාරීන් වශයෙන් කටයුතු කරන දංකොටුවේ ටෙක්සි ප්‍රිමාල් ජෝශප් පිල්ලේ, යක්කඩුවේ සියඹලාපිටියගේ රංගන සඳරුවන්, ඉරණවිල පරදකුල චාමිල ප්‍රියංග ටිරාන්දු, මීගමුව පිටිපන මිහිඳුකුලසුරිය ඉරේෂ් චතුරංග ප්‍රනාන්දු , කිරින්දේගම වර්ණකුලසූරිය මාක් වැලන්ස් ප්‍රනාන්දු යන කිතුණු පුතුන් පස් දෙනා මෙහිදී ගිහි ජීවිතයට සමුදී සිය දෙමාපියන්ගෙන් අවසර ලබා මෙම පුතුන් හලාවත අද ගුරුහිමිපාණන් හමුවේ දිවුරුම් සමිඳාණන්ගේ මිදි උයනේ සේවය කිරීමට කැපවන බවට පොරොන්දු වෙමින් පූජක සේවාවරම් ලැබුහ.
 
මෙම දිව්‍ය පූජා මෙහෙය පැවැත්වීම සඳහා හලාවත පදවි අනුනායක  ප්‍රසාද් චමින්ද පියතුමාණන් සහ මහනුවර අම්පිටිය ජාතික දෙව්සත් හලේ අධ්‍යක්ෂ එක්ස්පෙඩ්ටස් ජයකොඩි පියතුමාණන් සහය වුහ. නවක පූජක පුතුන්ගේ දෙමාපියන්, ඥාතින්, හිතවතුන් මෙන්ම හලාවත පදවියේ සියළු කිතුණු  පූජකවරුන් කන්‍යා සොයුරියන්ද මෙම අවස්ථාවට එක්විය.

 මෙම නවක පූජක පුතුන්  හලාවත කිතුණු පදවියේ මීසම් වල දේව සේවය සඳහා අනුයුක්ත  කරනු ඇත.