කිතුනු විශ්වාසය අනුව යක්ෂයින් සේ ඇඳ මහමග සැරිසරති


හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු     
                    
ජේසුස් ස්වාමින් වහන්සේ මහා සිකුරාදා දිනයේ දි කුරුසියේ ඇණ ගසා  ඝාතනය කළ පසු  යක්ෂයින් මනුෂ්‍යයන් පාපයට ඇද ගැනිමට තමන් රිසි අයුරින් කටයුතු කළ හැකි බව සිතමින් ලෝකය පුරා යමින් නිදහසේ සැරිසැරු බවට විශ්වාසයක් සමස්ත ලෝකවාසි කිතුණුවන් තුළ පවතී.

ඒ අනුව මෙම මහා සිකුරාදා දිනයෙන් පසු එළෑඹෙන සෙනසුරාදා වන අද දවසේ ( 31 දා ) සමහර කිතුණුවන් සිය සිරුරු පුරා කඵ තෙල් තවරා කොළ අතු එල්ලා ගෙන යක්ෂයින් සේ සැරසී විථි සංචාරය කරමින් එදා සැබෑ යක්ෂයින් ලොව පුරා නිදහසේ සැරිසැරූ ආකාරය සමරමින් ගමන් කළ අයුරු දැක ගත හැකි විය. කිතුණුවන් බහුලව ජීවත් වන මුහුදු කරයේ මෙම දසුන්  අද දිනයේ දැක ගත හැකිවිය.