කිරින්දට ගිය ඇමැති විමල්ට විරෝධයක්


(රොෂාන් දිලිප් කුමාර)

කිරින්ද ප්‍රදේශයේ ඛණිජ වැලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප්‍රදේශවාසීන් සමග සාකච්චාවකට සහභාගි වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට තවත් පිරිසකගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ සාකච්ඡා අතර මග නතර කොට එම ස්ථානයෙන් පිටව යෑමට සිදු වීය.

තිස්සමහාරාම,කිරින්ද ප්‍රදේශයේ ඛණිජ වැලි ව්‍යපෘතිය තම අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් ආරම්භ කරන බවත්,ප්‍රදේශයේ ජනතාවට ඒ හරහා ප්‍රතිලාභ රැසක් ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එයට විරුද්ධ වුනු තවත් පිරිසක් කියා සිටියේ,ප්‍රදේශයේ සිවිල් සංවිධානයක් ඛණිජ වැලි නිධියට අදාල පරිසර වාර්තා,ශඛ්‍යතා වාර්තා වැනි දෑ ලබාගෙන ඇති බවත් ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යෑම සදහා සිවිල් සංවිධානය ඉන්දියානු සමාගමක් සමග ගිවිසුම් ගත වී ඇති බවත් රජයේ මැදිහත් වීමක් අවශ්‍ය නොවන බවත් එම පිරිස කියා සිටයහ.

මේ අතර එම ප්‍රදේශයේම තවත් පිරිසක් කියා සිටින්නේ තම ප්‍රදෙශයේ සම්පතක් වන මෙම ඛණිජ වැලි නිධිය ඉදිරියට කරගෙන යෑමට ඉන්දියානු සමාගම් වලට ලබා දීමට ඉඩ නොදෙන බවයි.