කිරිපිඬු දානයට සහල් ගන්න අතින්ම වී පිරිසිදු කරති


රංජිත් රාජපක්ෂ  
 
අනුරාධපුර රුවන්වැලි මහසෑය අභියස පැවැත්වීමට නියමිත පංච මහා අධිෂ්ඨාන පූජාවේ කිරිපිඬු දානය සඳහා අතින් වී පිරිසිදු කර සහල් බවට පත් කිරිමේ පිං කමක්  හැටන් ශ්‍රි විජයමංගලාරාම විහාරස්ථනයේදී අද (13) පැවැත්විණි.
 
එම විහාරස්ථනයේ විහාරවාසී පන්නගමුවේ දයාවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති  මෙම පිංකම  කළණ මිතුරු හවුල් සංවිධානය  සහ හැටන් රුවන්පුර තරුණ බෞද්ධ එකමුතු  විසින් සංවිධානය කරනු ලැබ තිබිණි.
 
රුවන්පුර ශ්‍රී විජයමංගලාරාමය වෙත  වී ග්‍රෑම්  250 ක් ලබා දි තිබූ අතර, එම වී  රුවන්පුර ප්‍රදේශවාසින් හා පාසල් සිසුන් දින දෙකක් පෙහෙවී මුඛ වාඩම් බැඳ සුදුවතින් සැරසි ඉතා සියුම් ලෙස බුලත් කොලයක් මත තබා  වී ඇටයෙන් ඇටයට අතින් සුද්ද කර   සහල් බවට පත් කර ගැනිණි.
 
 පංච මහා අධිෂ්ඨාන පුජාව මේ මස 17,18,19 යන තෙදින පුරා රුවන්වැලි මහා සෑය අභියස පැවැත් වීමට   සැලසුම් කර ඇත.