කීඩෑවන් වැනසූ කුඹුරට ගිනි තියයි


(අම්පාර වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයේ කීඩෑ උවදුර නිසා කුඹුරු අක්කර 14000 ක් පමණ විනාශ වි ඇති බව දිගාමඩුල්ල වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සී.එච්. කුමාර මහතා පැවසිය.


මේ හේතුව නිසා දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව අන්ත අසරණ තත්වයකට පත්ව තිබේ. තම කුඹුර කීඩෑවන් නිසා විනාශ වීම නිසා අම්පාර 16 කොළණිය සුහදගම එම් 54 ගොවි සංවිධානයේ ලේකම් ආර්.එම්.රංබණ්ඩා ගොවි මහතා  තම කුඹුර ගිනි තබා විනාශ කරනු ලැබිය.


මෙම කන්නයේ වි අස්වනු නොලැබිම නිසා ඉදිරියේදි ගොවි ජනතාවට ජීවත්වීමේ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බව දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානයාක මහතා පැවසිය.