කුකුළන් 6ක් පිඹුරෙකුට ගොදුරුවෙයි


බී.ජී. චතුරංග
 
අනුරාධපුර කලත්තෑව, කුඩා කලත්තෑව ප්‍රදේශයේ නිවසක කුකුල් කූඩුවට ඇතුලු වී කුකුළන් හය දෙනෙකු ගොදුරු කරගෙන සිටි පිඹුරෙකු වනජීවී නිලධාරීන් අල්ලාගෙන අද (20) විල්පත්තුව රක්ෂිතයට මුදා හැරීම සඳහා රැගෙන යනු ලැබීය. 
 
කුකුළ් කූඩුවේ හිමිකරු  සඳහන් කළේ කූඩුව තුළ කුකුළන් කෑ ගසන ශබ්දය ඇසී බලන අවස්ථාවේ මෙම පිඹුරා දැක ඒ පිළිබඳව වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළ බව ය. වනජීවී නිලධාරීන් පැමිණෙන අවස්ථාව වන විටත් කූඩුවේ සිටි කුකුළන් හය දෙනෙකු පිඹුරා ගිල දමා තිබූ අතර, ඉන් දෙදෙනෙකු කූඩුව තුළ වමාරා තිබු බව ඔහු වැඩිදුරටත් පැවසීය.