කුණු අල කිලෝ 45,000ක් දඹුල්ලේ ගබඩාවකින් මතු වෙයි


(කාංචන කුමාර ආරියදාස)

මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ 45,000කට අධික ප්‍රමාණයක් දඹුල්ල ගබඩාවක සිද්ද කරමින් තිබියදී දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් සොයාගනු ලැබීය.

මෙම අල සුද්ද කර සොටීස් (කෙටිකෑම) පිළියෙළ කිරීම සඳහා හෝටල්වලට බෙදා හරින බවට තොරතුර හෙළි කර ගැනිමට හැකි විය. ඉන්දියාවෙන් ගෙන් වු බව කියන මෙම අල තොග කාන්තාවන් යොදවා සුද්ද පවිත්‍ර කර රට පුරා බෙදා හැර ඇතැයි ද නගරාධිපතිවරයා කියා සිටියේය.

කාන්තාවන් 25 දෙනකු පමණ එම අල පිරිසිදු කරමින් සිට ඇත.

නගරාධිපතිවරයා සහ මන්ත්‍රීවරයා එම ස්ථානයට ගමන් කරනවාත් සමග සේවයේ යොදවා සිටි කාන්තාවන් හිස් ලූ ලූ අත දිව යන්නට විය. කෙසේ වෙතත් නගරාධිපතිවරයා එම සේවයේ යෙදෙමින් සිටි කාන්තාවන්ට කියා සිටියේ තමන්ට ගැටලුවක් නොවන නිසා දිව යෑමෙන් වළකින ලෙස ය.

විශාල ගබඩාව තුළ අර්තාපල් අල බෙහෙවින් නරක් වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය.