කුඹුරුවලට වතුර ඉල්ලා ගොවීහු පාරට බසිති


(නිමල් ජයරත්න)

තම වී වගාවන්ට ජලය ඉල්ලා දිඹුලාගල කොට්ඨාසයේ ගොවීහු පිරිසක් අද (21) පොළොන්නරුව - මඩකලපුව මාර්ගය මනම්පිටියේ දී අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ.
මාදුරුඔය ජලාශයේ ප්‍රමාණවත් ජලය නොමැතිකමින් මෙවර වී වගාවට ජලය 50%ක් ලබාදීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් පියවර ගැනීමත් සමග ගොවීහු උද්ඝෝෂණය ආරම්භ කළහ. අක්කර දෙක හමාරක වී වගාවට සම්පූර්ණ ජලය ලබාදෙන්නැයි දිඹුලාගල, ඇල්ලේවැව, මහදමන, මහඋත්පත ගොවීන් 1500ක් පමණ මාර්ගය අවහිර කර උදලු ද රැගෙන උද්ඝෝෂණයට එක්ව සිටියහ.