කුරුල්ලෝ තබ්බෝව ජලාශය හැඩ කරති


( එච්. චන්දන)


ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොවි ජනපදය වූ තබ්බෝව ගොවි ජනපදයේ ගොවි බිම් සරු කරන තබ්බෝව ජලාශය මේ දිනවල ජලයෙන් පිරී ඇති අයුරු පුත්තලම අනුරාධපුර මාර්ගයේ ගමන් කරන අයට දැක ගත හැක.


තබ්බෝව ජලාශය දිවංගත අග්‍රාමාත්‍යවරයකු වූ මහාමාන්‍ය ඩි.එස්. සේනානයක මහතාගේ දැවැන්ත නිර්මාණයකි.


තබ්බෝව ජලාශයේ ජලය පිරීමත් සමග විවිධ පක්ෂීන් පැමිණ අලංකාරය ගෙන දෙයි. මේ සුන්දරත්වය මේ දිනවල දැකිය හැක.