කුල දරුවෝ 100 දෙනෙක් සසුන්ගත කෙරෙති


(මනුල වික්‍රම)

බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා කුලදරුවන් 100 දෙනෙකු සසුනගත කිරිමේ පිංකමක් අද (29) උදෑසන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි.  

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදීකර්තෘවරුන් සිහිකෙරෙන නිකාය දින උළෙල මෙවර උතුරුමැද පළාත කේන්ද්‍රගත කරගෙන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ  අද පැවැත්වේ.

අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘ අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමි සරණංකර මාහිමියන්ගේ වසර 134 වැනි ගුණසැමරුම නිමිත්තෙන් කුලදරුවන් 100 නමක් පැවිදි කිරිමේ පිංකම පැවැත්වේ.

රාමඤ්ඤ නිකායේ සංඥා ලේඛකාධිකාරී අංකුඹුරේ පේමවංශ නාහිමියන්ගේ මූලිකත්වයෙන් පිංකම පැවැත්විණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  අනුනායක මාතලේ ධම්ම කුසල නාහිමියන් ඇතුළු අනුනාහිමිවරුන් දිවයින  පුරා මහ සඟරුවන දහසකට අධික නමක් එම අවස්ථාවට වැඩම කළහ.