කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශයත් වාන් දමයි



(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පවතින අධික වර්ෂාවත් සමග ආණමඩුව  කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශය අද(21) වාන් දැමීමට පටන් ගෙන ඇති බව වාරි මාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.
 
කොට්ටුකච්චිය ගොවි ජනපදයේ ප්‍රධාන ජලාශය වන මෙය 1950 දශකයේ ආරම්භ කර ඇත.
 
කච්චිමඩුව ජලාශය වාන්දමන අයුරු නැරඹීමට විශාල පිරිසක් එහි පැමිණ සිටියහ.