කොට්ටුකච්චිය ජලාශයේ රළපනාව මත අලි පැටවකුගේ සිරුරක්


(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මාස තුනක් පමණ වයසැති අලි පැටවකුගේ සිරුරක් අද ( 28 ) කොට්ටුකච්චිය ජලාශයේ රළපනාව මත තිබි සොයා ගත්බව පුත්තලම වන ජීවි අලි පාලන ඒකකව පවසයි.

 මෙම අලි පැටවා මව් ඇතින්න හා අලි රංචුවක් සමග ජලාශය තරණය කරමින් ගොඩබිමට එමින්   සිටියදී දීයේ ගිලි මරණයට පත්වන්නට ඇතැයි වන ජීවි නිළධාරින් සැක කරයි.

අලි පැටවා දියේ ගිලීමෙන් පසුව මව් ඇතින්න හා අනිකුත් අලි රංචුව මහත් වෙහෙසක් දරමින් අලි පැටවා ජලයෙන් ගොඩ ගැනිමට උත්සහ කර තිබෙන ආකාරය ජලය බොර වීමේන් තහවුරු වන බවද වන ජීවී නිලධාරීන් සඳහන් කළේය.
 
රළපනාව මත මරණයට පත්ව සිටි අලි පැටවාගේ සිරුර ආසන්නයේ රැදි සිටිමින් ඇතින්න  ඒ මේ අත කළබලයෙන් ගමන් කරන අයුරු ඒ අසළින් ගමන් ගන්නා පිරිස දැක තිබේ.
 
 අදාල ස්ථානයට පැමිනි වනජීවි නිළධාරින් මරණයට පත්ව සිටි අලි පැටවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයට රැගෙන යාම කළේය.