කොටි ආයුද ගබඩාවක් සොයා කොකුවිල් පොලොව හරයි


(රොමේෂ් මධුෂංක)

යාපනය කොකුවිල් ප්‍රදේශයේ පොලොව යට කොටි ත්‍රස්තවාදීගේ  ආයුධ  ගබඩාවක් තිබූ බව කියන ස්ථානයෙක්  කැනීමක් සිදුකිරීමට කෝපායි පොලීසිය විසින් පියවර ගත්තේය.

යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාල් සුන්දරමූර්ති බ්‍රින්දා මහතාගේ ප්‍රධානත්වයෙන් කෝපායි පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය මත කොකුවිල් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක මෙලෙස ආයුධ සොයා කැනීම සිදුකරන ලදි.

මෙම ස්ථානයේදී යුද සමයේදී ප්‍රාදේශීය කොටි නායකයකුගේ ආයුද ගබඩාවක් තිබූ බවටත් අදාල ස්ථානයේ රහසිගත කොටි කඳවුරක් තිබී ඇති බවටත් පොලීසියට තොරතුරු ලැබීම මත මෙලෙස කැනීම සිදුකරන ලදි.