කොත්මලේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වෙයි


(රංජිත් රාජපක්ෂ)                                                                           
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රීය  වාන් දොරටුව අද (17) උදෑසන ස්වයංක්‍රීයව විවෘත වී ඇත.
 
ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (16) සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කොත්මලේ ජල මට්ටම ඉහළ යාම නිසා ජලාශ වේල්ලේ ස්වයංක්‍රිය වාන් දොරටුව ස්වයංක්‍රියව  විවෘත වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරු කියා සිටියහ.
 
එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු විවෘත කිරිමට සිදු වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සහ කොත්මලාඔයේ ජලය පරිහරණය කරන අය සැළකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
 
මේ අතර කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලටද ඇද හැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න  වෙමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පැවසූහ.