කොරෝනා අස්සේ කැලිෆෝනියා වැසියෝ විනෝද වෙති


 ‘කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් ලෝක ජනගහනයෙන් අඩකට අධික පිරිසක් සිය නිවෙස්වලට කොටු වී සිටින මොහොතක ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වැසියෝ හන්ටින්ග්ටන් මුහුදු වෙරළට පැමිණි විනෝද වන අයුරු දක්නට ලැබිණි. 

කොරෝනා වයිරසය හේතුවෙන් සියලු මහජන ඒකරාශී වීම් තහනම් කර තිබියදී මුහුදු වෙරළ ජනතාවට විවෘත කර ඇති එකම ප්‍රදේශය දකුණු කැලිෆෝනියාවේ ඔරේන්ජ් ප්‍රදේශය පමණි. 

උණුසුම් ප්‍රවාහයක් පැමිණෙනු ඇතැයි කාලගුණ බලධාරීන් නිවේදනය කර ඇති බැවින් මේ සති අන්තයේදී මුහුදු වෙරළට දහස් ගණනක් පැමිණෙනු ඇතැයි ජීවිත ආරක්ෂිතයෝ බලාපොරොත්තුවෙන් සිටිති. 

ජනතාව සෞඛ්‍යාරක්ෂිත පරතරය තබාගන්නේ නැද්ද යන බැලීමට ජීවිතාරක්ෂකයෝ මෙන්ම පොලිසිය ද මුර සංචාරයේ යෙදෙති.

ඡායාරූපය ඒ.එෆ්.පී.

055