කොරෝනා නිවාඩුවේ මෝටර් රථයක් නිෂ්පාදනය කළ සිසුවා


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මහරගම  මධ්‍ය මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු කොරෝනා වසංගතය පැවති වසර දෙකක කාල සීමාවේ දී  මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට සමත්ව තිබේ.

මෙම නිර්මාණය සිදු කර ඇත්තේ පිළියන්දල හොන්නන්තර ප්‍රදේශයේ පදිංචි කවිඳු හිම්සර ගමගේ (අවුරුදු 18) ශිෂ්‍යා වන අතර  ඔහු මහරගම  මධ්‍ය මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ තාක්ෂණ අංශයේ ඉගෙනුම ලබයි.

කවිදු හිම්සර ගමගේ සිසුවා අධ්‍යාපනය ලබන මහරගම මධ්‍ය මහා විද්‍යාලයට මෙම මෝටර් රථය පළමුවරට රැගෙනවිත් විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් මාපියන් ඇතුළු පිරිසකගේ ප්‍රදර්ශනයට ඉකුත් 26 වැනිදා ඉදිරිපත් කර තිබු අතර එහිදී ඔහු  සිදුකළ මෙම නිර්මාණය අගය කොට විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය තිළිණ ප්‍රදානයක් ද සිදු කරන ලදී.