කොරෝනා නීති කැඩූවන් පොලිසිය කුදලාගෙන යයි


(ශාන්ත රත්නායක)

සෞඛ්‍ය නීති අනුගමනය නොකර කොළඹ නගරය තුළ සැරිසැරූ පිරිස් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අද දවස පුර කොළඹ නගයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය උපදේශවලට අනුව මුහුණු ආවරණ නොපලදින පුද්ගලයන් හා සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද නොපිලි පදින්නන් අත් අඩංගුවට ගත් අතර බස්රථ රියදුරන් හා කොන්දෙස්තරුන්  දැනුවත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි. 

වෙල්ලවීදිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරු ආරච්චි මහතාගේ අධික්ෂණය යටතේ එම පොලිස් ස්ථානයේ නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.