කොරෝනා වළක්වන්න හැදූ දේශීය ඖෂධ කතානායකට පිළිගන්වයි


දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කොව්ඩ් - 19 වයිරසය ආසාදිතයන්ට සහ එම වයිරසය ආසාදනය වීමට ඉඩකඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඖෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා තිබෙන බව දේශීය වෛද්‍ය, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
 
නිපදවූ එම ඖෂධ අද පාර්ලිමේන්තුවේදි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගැන්වූ බවත් ජයකොඩි මහතා සඳහන් කළේය.
 
ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද ඖෂධ සංස්ථාව ඒකාබද්ධව ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්ණයක් හඳුන්වා දී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම ඖෂධ සියල්ල 100% ම දේශීය ශා‍කසාර යොදා ගනිමින් නිෂ්පාදනය කර තිබෙන බව පවසන අමාත්‍යවරයා ‘සදංග’ පානය සහ ‘සුවධරණි’ ප්‍රතිශක්තිකරණ පානය නමින් එම ඖෂධ නම් කර තිබෙන බවද සඳහන් කළේය.
 
මෙම ඖෂධ ඔක්තෝම්බර් 12 වැනිදා එළිදක්වන බවත් ඒ මහතා කීය.