කොරෝනාවෙන් බේරන්න ඖෂධ ගැල්වූ ඇඳුමක් පරීක්ෂණ මට්ටමේ


(එම්, සුසිල්  ප්‍රියන්ත)

කොරෝනා වයිරසය ආසාදනය නොවී බේරීම සිටීම සඳහා ,ඉතාමත්ම පැරණි දේශීය ආයුර්වේද ඖෂධ යොදාගනිමින් සකස් කළ  නව ඇදුමක්  නිර්මාණය කිරීමට අම්බලන්ගොඩ ප්‍රදේශයේ දේශීය ආයුර්වේද වෛද්‍ය හිමිනමක් සමත්ව සිටිති.
 
අම්බලන්ගොඩ තිලකපුර ශ්‍රි භද්දිය ආශ්‍රමාධිපති දේශීය වෛද්‍ය ලෙල්ලෝපිටියේ භද්දිය හිමියන් මේ නව සොයා ගැනීම සිදුකර ඇති හිමියෝය.

දැනට දශක කිහිපයක් තිස්සේ සිටම මෙරට ශාක පත්‍ර හා ශාක පොතු ,මුල් වර්ගවලින් තෙල් සිද රෝග ගනණාවකටම හෙළ ප්‍රතිකාර කරන භද්දිය හිමියන්  කොරෝනා ආසාදනයවීම වැළැක්වීම සදහා නිර්මාණය කර තිබෙන ඇඳුමට  ශාක පත්‍ර හා ශාක පොතු 75 වර්ගයක් පමණ භාවිතයට ගත් බව ඒ  හිමියෝ පැවසූහ.

අනතුරුව එය සිඳගෙන නව ඔසුවකින් සමන්විතවූ තෙලක් මේ සදහා භාවිතා කළ  බව හිමියෝ කීහ .
 
 සුදු කපු රෙද්දක්  නව ඔසු තෙලෙහි හොදින් ගිල්වා රෙද්දට තෙල හොදට උරා ගැනීමට සලැස්වීමෙන් පසු මේ රෙද්දෙන් කොරෝනා ආසාදනයවීම වැළැක්විය හැකි  පරිදි නව ඇදුම නිර්මානය කර තිබෙන බවත් මේ ඇදුම නිරෝධායනය සදහා යොමුකර ඇති අයට හා ඔවුන් සමඟ එකට සිටින අයට ඇන්දවීමෙන් මෙය අසාදනය වීම වළක්වා ගත හැකි වනු ඇති බවත්  භද්දිය හිමියන්ගේ විශ්වාසයයි.
 
මේ පිළිබඳව තමාට දැඩි විශ්වාසයක් පවතින බවද උන් වහන්සේ පැවසූහ.
 
මෙය අත්හදා බැලීමට ඕනෑම අයෙකුට හෝ ආයතනයකට මෙම ඇඳුම ලබාදීමට තමා කැමති බවද උන්වහන්සේ තව දුරටත් පැවසූහ .