කොළ කැස්බෑ පැටවුන් තංගල්ල පරෙවි වැල්ලේදී මුදාහරී


අනීෂා මානගේ

අලුත උපන් කුඩා කොළ කැස්බෑවන් විසිදෙනෙකු අද (22) තංගල්ල පරෙවි වැල්ල මුහුදු තීරයේදී මුදාහරිනු ලැබීය.

තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් මෙම කොළ කැස්බෑ පැටවුන් සුනඛයින්ගේ ග්‍රහනයට හසුව සිටියදී බේරාගෙන තිබිණි. 
 
තංගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් , තංගල්ල සහකාර පොලිස් අධිකාරී අතුලද සිල්වා යන මහත්වරුන් හා තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැරීය.