කොළඹ ආනන්ද බාලිකාවෙන් ශිෂ්‍ය පාර්ලිමේන්තුවක්


(ඩයනා උදයංගනී)

කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය හා ජනමාධ්‍ය වැඩසටහන අද (9) පෙරවරුවේ පැවැත්විණි.

මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කථානායකවරිය ලෙස ජේ. ඒ. ඉනුකි තෙවන්ගා, ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාසලේ විදුහල්පතිනී ගංගා කුමුදුනී මහත්මිය ඉදිරියේ දිවුරුම් දුන් අතර, ඉන් පසු අගමැතිවරිය ලෙස චංචලා අරෝශි ශිෂ්‍යාවත් අමාත්‍ය මණ්ඩලයත් දිවුරුම් දෙනු ලැබිණි.

මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂයක් නොමැතිවීම විශේෂත්වයකි.

ඡායාරූප - ළහිරු හර්ෂණ