කොළඹ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 400ක ව්‍යාපෘතියක්


බොරැල්ල  එලියට්  ප්‍රදේශයේ ඉදිකිරීමට  නියමිත  නිවාස  ඒකක  400 කින්  සමන්විත  මහල්  නිවාස  සංකීර්ණයේ  ඉදිකිරීම්  කටයුතු  ආරම්භ  කිරීම  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (06) සිදුකෙරිණි.

රුපියල් මිලියන  8,000ක වියදමකින් ඉදිවෙන මෙම නිවාස ව්‍යාපෘතිය මහානගර  හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය මගින්  ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම අවස්ථාවට  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය  පාඨලී චමිපික රණවක  මහතා සහ ඉදිකිරීම්  කටයුතු කරණු  ලබන චීනයේ  යැන් ජින් ගෘප් හි නිලධාරින් ඇතුළු පරිසක් එක්ව සිටියහ. 

ඡායාරූප   චතුර එස් .කොඩිකාර