කෝච්චිපාර ගලවන්න පෙර තිසරණයේ ආශිර්වාද පතා


(දයාරත්න ඇඹෝගම)

මහව - ඕමන්ත දුම්රිය මාර්ගයේ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ දෙවන අදියරේ සමාරම්භක උත්සවය ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන , ශ්‍රිලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද මැදවච්චියේදි ආරම්භ කෙරිණි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ ඉන්දීය ණය ආධාර යටතේයි. .මෙම සමස්ත ව්‍යාපෘතිය සදහා වැයකෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන අනූ එකකි. 2019 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2023 වසරේ දෙසැම්බර් 31 වනදා වන විට අවසන් කිරීමට නියමිතය.

අදියර හතරක් යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ දී පුනරුත්ථාපනය කෙරෙන සමස්ත දුම්රිය මාර්ග දුර ප්‍රමාණය කිලෝමීටර් 128 කි.

දෙවන අදියරේ සමාරම්භක උත්සවය නිමිත්තෙන් ඊයේ(08)දින ආගමික වතාවත් ශ්‍රී බෝධින් වහන්සේ හා රැවන්වැලිසෑය මුල්කර ගනිමින් පැවැත්වුන අතර ඒ සදහා වන බෞද්ධ ආගමික පිලිවෙත් මහාමාර්ග හා ජනමාධය අමාතය බන්දුල ගුණවර්ධන , ශ්‍රිලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරැණි.

මෙහිදි අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරත හා රැවන්වැලි විහාරාධිපති  ඊතල්වැටුණු වැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගැනිමද සිදුවිය.