ගංගාරාම විහාරස්ථානයේ සති පිරිත් දේශනය ඇරඹේ


කොරෝනා වෛරසය ලොවින් තුරන් කිරීම සඳහා සෙත් ප්‍රාර්ථනා කරමින් කොළඹ  හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේ සති පිරිත් දේශනාවක් අද (30) රාත්‍රීයේ ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා  අමරපුර නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත  කොටුගොඩ ධම්මාවාස නාහිමියන්, නාරාහේන්පිට අභයාරාමාධිපති  මරුත්තෙට්ටුවේ  ආනන්ද  හිමි  ,බලංගොඩ සෝභිත හිමි , කිරින්දේ  අස්සජි  හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, රාජ්‍ය  අමාත්‍ය  තිලංග සුමතිපාල  යන  මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)