ගංවතුරින් කල්පිටියේ වගා බිමි වැනසෙයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මහ වැසිත් සමග ඇතිවු ගංවතුර හේතුවෙන් කල්පිටියේ අක්කර 6000 කට අධික ප්‍රමානයක් සම්පුර්ණයෙන්  විනාශ වි ඇති බව වගාකරුවෝ පවසති.

කල්පිටිය අර්ධද්විපයට අයත්  සේතපොල, දළුව, මාන්පුරිය, ඉලන්තඩිය, නාරක්කල්ලිය, නාවක්කාඩුව, ආඩන්කෙනි, කොයියාවාඩිය, එත්තාලේ, තිහලි, පාලකුඩාතලවිල, පුලච්චේන, පනිඅඩිය, නොරෝච්චෝල, ආලංකුඩා, කන්දකුඩා, කල්පිටිය, ඇතුළු ගම්මාන රැසක වගාවන් මෙසේ හානි සිදුව ඇති බව වගාකරුවන් කියයි.

දින ගනනාවක් නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් කල්පිටිය අර්ධද්විපයේ ජලය ගලා යාම ප්‍රමාද නිසා  මෙසේ වගා බිම්වල අඩි කිපයක් උසට ජලය රැදි ඇති බව වගාකරුවෝ කියති.

ඒසේම කල්පිටිය අර්ධද්විපයෙන් දෛනිකව දිවයින පුරා එළවළු පලතුරු කිලෝ ලක්ෂ තුනකට ආසන්න ප්‍රමානයක් ප්‍රවාහනය සිදුවන අතර මෙම තත්වය හේතුවෙන් ඉදිරියෙදි රටේ දැවැන්ත එළවළු හිගයක් ඇති වනු ඇතැයි කල්පිටිය වගාකරුවෝ අනතුර අඟවති.