ගඟේ ගිළුණු මෝටර් රථය පැය 14කට පසු ගොඩ ගනී - වීඩියෝ


 

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර තැන්නෙකුඹුර ගුරුදෙණිය ප්‍රධාන මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී  මහවැලි ගඟට පෙරළුණු මෝටර් රථය පැය 14 පසු අද දහවල් ගොඩ ගත් බව පොලිසිය කියයි.

නාවික හමුදාව, යුද හමුදාව සහ පොලිසිය එක්ව ගඟට වැටුණු මෝටර් රථය සොයා මෙහෙයුම් සිදු කළේය.

මෝටර් රථය සමග අතුරුදහන් වූ පුද්ගලයාගේ සිරුරු ද සොයාගත් බව පොලිසිය කියයි. 

මේ දිනවල ඇද හැළන තදවර්ෂාව  නිසා ගඟෙ ජලමට්ටම ඉහළගොස් ඇති අතර ඒ හේතුවෙන් මෙම මෝටර් රථය සොයාගැනීම දැඩි අපහසු වූ බව පොලිසිය සඳහන් කරයි

අනතුරට පත් වූ මෝටර් රථය පැද වූ රියැදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.