ගල්කිස්ස මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්


(ශාන්ත රත්නායක)

ගල්කිස්ස මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (05) ගල්කිස්ස පොලිසිය හා පරිසර සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කර තිබුණි.

මුහුදු ඛාදනය වැලැක්වීම සඳහා යැයි පවසමින් විශාල මුදලක් වැයකර පසුගිය දිනවල මුහුදු තීරය වැලි වලින් ගොඩකළද එම වැලි මුහුදට ඛාදනය වීම හේතුවෙන් මේ වන විට කැලි කසල සහ ප්ලාස්ටික් බෝතල් වලින් ගල්කිස්ස වෙරළ තිරය පිරි ගොස් තිබේ.