ගල්ගමුවේ තනි දළයා, වනජීවියෙන් අල්ලයි


චමිල් රුපසිංහ


ගල්ගමුව දිගන නිවාස බිද දමා වගාවන් වලට හානි සිදු කල  “ ගල්ගමුවේ තනි දළයා “ අද (16) දහවල් අල්ලා ගැනීමට හැකි වු බව වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ බස්නාහිර හා වයඹ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිවු.ඒ.ඩී.යු. ඉන්ද්‍රජිත් මහතා පවසයි.


“ ගල්ගමුවේ තනි දළයා “ විසින් ප්‍රදේශයේ නිවාස බිද දැමීම් වගාවන් වලට හානි කිරීම් ආදි කටයුතු සිදුකරණ බැවින් ජනතාවගේ හා අලියාගේ ආරක්ෂාව පිනිස වනජීවී හා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පේරේරා මහතාගේ උපදෙස් මත  මෙම අලියා අල්ලා හොරොවුපතාන අලි රැදවුම් මධ්‍යස්ථානය ට මුදා හැරීමට නියමිත බවද ඔහු සදහන් කලේය.


අලියා අල්ලා බැද දමා ඇති වුවත් එම අලියා සමග සිටින තවත් අලි දෙදෙනෙක් ඒ අවට සැරි සැරීම නිසා අලියා අල්ලා ගැනිම සදහා එම අලීන්ට කිසිදු කරදරයක් නොකර එළවා දමන්නට සිදුවු බවත් මේ වන විටද එම අලි දෙදෙනාගෙන් වනජීවී නලධාරින්ට එම අලීන් දෙදෙනා එලාවා දැමීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවි ඇති බවද ඔවුන් පවසයි.


මෙම මෙහෙයුම සදහා වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ බස්නාහිර හා වයඹ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිවු.ඒ.ඩී.යු. ඉන්ද්‍රජිත්,ගල්ගමුව අඩවි ආරක්ෂක එම්.රෝහිත, අනුරාධපුර අඩවි ආරක්ෂක දසනායක,වනජීවි දෙපාර්තුමේන්තු අනුරාධපුර පශු වෛද්‍ය කාර්‍යාලයේ පශු වෛද්‍ය ඉසුරු හා චන්දන, වනජීවී දෙපාර්තුමේන්තු අනුරාධපුර කාර්‍යාලයේ චමිල් ප්‍රසාද් ධර්මදාස හා අනුරාධපුර හා වයඹ කාර්‍යාල වල නිලධාරින් මෙම මෙහෙයුමට සහභාගි විය.