ගාල්ල නගරය ජලයෙන් යට වෙයි


( රවී ලියනගේ )

පවතින ධාරානිපාත වැසි නිසා ගාල්ල නගරයට පිවිසෙන මාර්ග රැසක් අද  (29) ජලයෙන් යටවී තිබුණි.

ගාල්ල - බද්දේගම මාර්ගයේ හිරිඹුර ප්‍රදේශය, දංගෙදර, අබ්දුල් වහබ් මාවත සහ ගාල්ල වක්වැල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් මෙසේ ජලයෙන් යටවී තිබුණි. ජල ගැලීම් නිසා රථවාහන ධාවනයට ද  බාධා එල්ල විය. 

මේ නිසා පාසල් සිසුන් ඇතුළු ජනතාව මහත් අසීරුතාවයට පත්වූහ.