ගාල්ල නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවේ


ජේ.කේ.එල් චාමින්ද 
 
ගාල්ල නගරයට අද  (30) පස්වරුවේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග  ගාල්ල   නගරයට ප්‍රවේශ වන මාර්ග  තැනින් තැන ජලයෙන් යටවි තිබුණි. 
 
ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයේ  කහදූවවත්ත ප්‍රදේශය, ගාල්ල වක්වැල්ල ප්‍රධාන මාර්ගයේ ජූල්ගහ අදී ප්‍රදේශ වැසි ජලයෙන් යටවී තිබුණි. ගාල්ල කන්දවත්ත සරන්තුකඩය  පල්ලිය අසල මාර්ගය ද ජලයෙන් යටවි තිබෙනු දැක ගත හැකි විය. 
 
 පස්වරු  6..00 සිට 7.30 දක්වා  පැය එක හමාරක  පමණ කාලයක් අකුණු ගසමින් ධාරාණිපාත වර්ෂාවක්  ගාල්ල නගරයට පතිතවිය.