ගාල්ල මුහුදෙන් හඳුනා නොගත් උපකරණයක්


අමල් වික්‍රමරත්න
 
ගාල්ලට මුහුදු සැතපුම් නවයක් දුරින්  මුහුදේ පාවෙමින් තිබූ හඳුනා නොගත්  වස්තුවක් ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර කාර්මිකයින් පිරිසක් අද (14) දහවල්  ගොඩබිමට  රැගෙන විත් තිබේ.
 
දිගින් අඩි හතරක් පමණ වන මෙම  හඳුනා නොගත් උපකරණය  ධීවරයින්ට හමුවන විට මුහුදේ පාවෙමින් තිබී ඇති අතර උපකරණයේ විශාල කොටස මුහුද පතුල දෙසටත් එහි ඇති බටයක් වැනි කුඩා  කෙලවර මුහුදු ජලය මතු පිටත් වශයෙන් දක්නට ලැබූ බව එම උපකරණය ගොඩබිම වෙත රැගෙන පැමිණි  ධීවරයෝ පැවසුහ.
 
මෙම උපකරණය ගුවන් යානාවක ආකෘතියට සමාන කමක් දක්වන හැඩයකින් යුක්තවන අතර බොහෝ විට මුහුදු ගවේෂණ කටයුතුවලට යොදාගන්නා උපකරණයක් විය හැකියැයි නම සදහන් කිරීමට අකමැතිවූ නාවික හමුදාවේ නිලධාරියෙන්     පැවසීය.