ගාලු මුවදොර නොනවතින රැල්ල-වීඩියෝ


 

(යොහාන් භාසුර)

ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැවැන්ත ජනකායක් මේ වන විටත් උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටිති.

රාත්‍රී 9.00 වන විටත් උද්ඝෝෂකයෝ දසදහකට අධික පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල විවිධ පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදී සිටිති.

' නිර්පාක්ෂික විරෝධතාවය' ලෙස විවිධ සංවිධාන එක්ව අද පෙරවරුවේ සිට ගාලුමුවදොරින් මෙම විරෝධතාව සංවිධානය කළ කළ අතර පෙරවරුවේ සිට වරින් වර 50,000 කට අධික ජනතාවක් මෙම උද්ඝෝෂණයට සහභාගි වූ බව විරෝධතාකරුවෝ පවසති.

විවිධ මට්ටමේ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන්, කලාකරුවන්, කම්කරුවන්, ගොවියන්, ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල පිරිස් මෙම උද්ඝෝෂණයට සහභාගී වූ බවත් උද්ඝෝෂකයෝ කියති.