ගාලු මුවදෝර පොල් ගසා පූජා පවත්වති


(යොහාන් භාසුර)

ජනාධිපතිවරයා සහ රජය ඉල්ලා අස්වන ලෙස ක්‍රියාත්මක විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව මේ වන විට කොළඹ ගාලු මුවදොර ආසන්යේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ස්ථිර අට්ටාල ඉදිකරමින් එහි රැදී සිටීමට ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ද රැස්කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ මේ වන විට රැදී සිටින විරෝධතාකරුවෝ මීට සුළු මොහොතකට පෙර පොල් ගසා දේව පූජාවක් ද පැවැත්වූහ.

ජනතාව විරෝධතාවට සහභාගිවීම සඳහා අද පස්වරු වන විට ජනාධිපති ලේකම් කාර්යාල අසළට ඇදෙමින් සිටින බවත් රාත්‍රී කාලයේ විරෝධය වැඩි කිරීමට විරෝධකරුවන් බලාපොරොත්තු වන බවත් වාර්තා වේ.

(ළහිරු හර්ෂණ)