ගාලු සාහිත්‍ය උළෙල ඇරඹෙයි


අමල් වික්‍රමරත්න

වාර්ශිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කීර්තියට පත් ගාලු සාහිත්‍ය උලෙළ නමවෙනි වරටත් අද (24) ගාල්ල කොටුවේ ඇති උත්සව භූමියේදී ආරම්භ විය. මෙම අවස්ථාවට තානාපති අංශ නිලධාරීන් මෙන්ම දෙස් විදෙස් විශාල පිරිසක් සහභාගී විය.

මෙම සාහිත්‍යය උලෙළට, චිත්‍ර හා ක්‍රියාකාරකම් , අධ්‍යාපනික සහ විනෝදාත්මක අංග පැවත්වීමට නියමිතය අතර.එසේම විදෙස් ලේඛක ලේඛිකාවන්, කලාකරුවන් සහ උගතුන් ගණනාවක්  මීට සහභාගි වීමට නියමිතව තිබේ.

මෙම උළෙලේ සමාප්ති උත්සවයට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමට නියමිතය.