ගාලුපාරටත් මුහුදුරළ එයි


(කරන්දෙණිය  එම් .සුසිල් පියන්ත)

තෙල්වත්ත, පැරැලිය, අකුරල, කහව ආදී ප්‍රදේශවලින් ගාලුපාරට මුහුදු රළ පහර ගැසීම නිසා අද (11 ) එම ප්‍රදේශ හරහා ගාලු පාරේ රථ වාහන ගමනා ගමනයට දැඩි බලපෑම් එල්ලවිය.

මුහුදු රළ සමග ප්‍රධාන මාර්ගයට වැලි ගල් ඇතුලු අපද්‍රව්‍ය ගොඩ ගැසීම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සිදු කිරීමට නොහැකිව තිබිණි.

මහා මාර්ග සංවර්ධන අධිකාරියත් වෙරළ සං‍රක්ෂණ දෙපාර්තමේන්තුව හා රත්ගම ප්‍රාදේශීය සභාව එක්ව ප්‍රධාන මාර්ගයට ගොඩ ගැසු වැලි, ගල් හා අපද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගනු ලැබූවත් නැවත නැවතත් එම ද්‍රව්‍ය ප්‍රධාන මාර්ගයට ඒම නොකඩවාම  සිදුවිය.

 

(ඡායාරූප -  කරන්දෙණිය  එම් .සුසිල් පියන්ත)

 

 

 

(ඡායාරූප - දීපාල් සිල්වා)

(ඡායාරූප - අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා)

 

 

(ඡායාරූප - සුගතපාල දියගහගේ)