ගැටළු විසඳාගැනීමට 5000 ක් ජනපති - අගමැති හමුවට එති


(ඡායාරූප - වන්නි රොමේෂ් මධුෂංඛ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිලමෙහෙවෙරේ ජනතා ගැටලු විසඳීමට වව්නියාවට පැමිණියහ. සියගැටළු විසඳාගැනීම සඳහා වව්නියාවේ සාමාන්‍ය වැසියෝ 5000 කට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.


උතුරු පළාතේ වැසියන් කෙන්ද්‍ර කරගෙන වවුනියාවේ පැවති  නිල මෙහෙවර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ වවුනියාව සෛවප්‍රකාශ මහා විද්‍යාලයීය භූමියේදී පැවත්වුණි. මෙම අවස්ථාවට,ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරුන් රැසක්ම සහභාගී වූහ.


ජනාධිපතිවරයාද අග්‍රාමාත්‍යවරයාද පිළිගැනීම සදහා දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ .සුමන්තිරන්,  දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු හා පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක්ද පැමිණ සිටියහ.


මාස හයකට වැඩි කලක් තිස්සේ උතුරු ප්‍රදේශයේ වැසියන්ගේ නොවිසදුණු ගැටළු රැසකට අමාත්‍යවරුන් හා ලේකම්වරුන් වරින්වර වවුනියාවට පැමිණ විසදුම් ලබාදුන් අතර ජනාධිපතිවරයා විසින් උතුරේ වැසියන්ට ඉඩම් බලපත්‍ර 5000 ක් බෙදා දීම සංකේතවත් කරමින් බලපත්‍ර කීපයක් බෙදා දෙන ලදී.