ගිනි ගන්නා නෞකාවේ ගින්න යම් තාක් දුරට නිවයි


(අමදෝරු අමරජීව)

නැගෙනහිර මුහුදු තීරයේ ගිනිගෙන දැවෙමින් තිබෙන බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේවනවිට යම්තාක් දුරකට පාලනය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (නැගෙනහිර) පී. ශ්‍රීපති මහතා පැවසීය.

නෞකාවේ ඇතිවී තිබෙන ගින්න හෙට වනවිට පාලනය කිරීමට හැකි වන බවත් සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය ආයතනික මට්ටමින් සිද්ධිය පිළිබඳ නිරීක්ෂණයක් සිදුකරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි - ගිනි ගන්නා නෞකාවේ ගින්න යම් තාක් දුරට නිවයි

(ඡායාරූප - ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අංශය)