ගිනි තබා විනාශ කළ වනාතවිල්ළුවේ පැල සිටුවති


(එච්.චන්දන)

ගිනි තබා විනාශ කර එළි පෙහෙළි කරන ලද පුත්තලම වනාතවිල්ළුව සිමෙන්ති සමාගමට අයත් ඉඩම් වල නැවත වන වගා කටයුතු ඉන්සි සිමෙන්ති ආයතනය අනුග්‍රහයෙන් අද (20)  සිදුකරනු ලැබීය.

මෙම පැල රෝපණය සඳහා වනාතවිල්ළුව ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් බණ්ඩාරනායකපුර "සුරත්පවුර" සහ වනාතවිල්ලුව "ඒ දණ්ඩ" යන ස්වේච්ඡා සංවිධානයන් වල සමාජිකයින් සිය දායකත්වය ලබා දුන් අතර වනාතවිල්ළුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.