ගිනි දවාලෙත් වන අලි කොට්ටුකච්චිය වැවට යති


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
කොට්ටුකච්චිය වෙල්යාය හා කිරල් ඔය අසළට ආ වල් අලි  15ක පමණ රංචුවක්  අද සවස  පලවා හැරීමට පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරීහු පැය ගණනාවක උත්සහයක නිරත වූහ.

 
අලි රංචුව කොට්ටුකච්චිය 10 කණුව වෙල්යායේත්  කිරල් ඔය ආසන්නයේ කැලෑවෙත් සැරිසැරීමත් සමඟ අවට ගම්මානවල ජනතාව දැඩි   භීතියට පත්ව පත්ව තිබිණි.
 
එම අලි අංචුව පෙර දින රාත්‍රියේ දඅවට ගම්මාන වලට කඩා වැදී  වගාවන් විනාශ කර දමා තිබූ බව ගම්මු පවසති.
 
මේ දිනවල අවට ප්‍රදේශවල කුඩා වැව් හා ඇළදොළවල  ජලය සිඳී යාමත් සමඟ අලි ගම් වැදීමට පටන් ගෙන ඇති බව අලි පාලන ඒකකයේ ස්ථානාධිපති අඩවි ආරක්ෂක නවරත්න බණ්ඩාර මහතා පැවසීය.