ගිරිහඬු සෑ රදුන්ගේ කේශධාතු මංගල්‍යයේදී


(*** ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)

බුදුරදුන්ගේ කේශ ධාතු නිදන්කර ඉදිකර ඇති ත්‍රිකුණාමලය හිරියායේ පිහිටි ගිරිහඬු සෑ රදුන් උදෙසා පවත්වනු ලබන වාර්ෂික කේශධාතු පින්කම් මාලාව පෙරේදා (24) බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි.

ගිරිහඬු සෑ විහාරාධිපති දෙවිනුවර චන්දිම, අමරපුර නිකායේ නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමිගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම පින්කම් මාලාව ලබන 30දා දක්වා පැවැත් වේ. දිනපතා පෙරවරු හයට හා පස්වරු හයට අසිරිමත් කේශ ධාතු පූජා පෙරහර, කේශ ධාතු වන්දනා පූජා පැවැත්වෙන බව විහාරාධිපතියෝ පැවැසූහ. ලබන 30දා පෙරවරු 8.00 මහාමායා මාතෘ දිව්‍ය පුත්‍රයා උදෙසා පැවැත්වෙන දේව දානයෙන් පසු මෙම පිංකම් මාලාව අවසන් වේ. ගිරිහඬු සැයේ ආදි කර්තෘ අපවත් වී වදාල ගන්දර ආනන්ද හිමිගේ ගුණානුස්සමරණය ද මෙයට සමගාමීව පැවැත් වේ.