ගුරුවරු පිරිසක් බිම ඉඳගෙන විරෝධතාවක


(රොමේෂ් මධුෂංඛ)

උතුරේ සිංහල ගුරුවරුන් වසර පහකට වැඩි කාලයක් කොන්ත්‍රාත් පදනම මත සේවය කළද මෙතෙක් පත්වීම් ස්ථීර කර නැති බව පවසමින් ගුරුවරු පිරිසක් යාපනය උතුරු පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට හිඳ ගනිමින් අද (02) විරෝධතාවක නිරත වූහ.

ගුරුවරුන් 50 ක් පමණ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මුණ ගැසී සාකච්ඡා කර ඇති අතර එහිදී විග්නේෂ්වරන් මහතා ඔවුන්ට දැනුම් දී ඇත්තේ ගැටළුව විසඳීමට තමන්ට දින දෙකක් දෙන ලෙසටයි.

අනතුරුව ඔවුන් පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා හමු වී සාකච්ඡා කිරීමේදී ලේකම් වරයාගේ හා ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශ පරස්පර වීම නිසා මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.