ගුවන් හමුදා බලපන්ති සැරයන්ට අවසන් ගෞරව


ගංවතුරින් විපතට පත් වු පිරිස් බේරා ගැනීමේ කටයුතු වල නිරත වෙමින් සිටියදී නෙළුව දුවිලිඇල්ල ප‍්‍රදේශයේ දී හෙලිකොප්ටර් යානයේ කේබලය කඩා වැටීමෙන්  අනතුරට ලක්ව මියගිය ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ  බලපන්ති සැරයන්  වයි. එම්. එස්. යාපාරත්න මහතාගේ දේහයට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද(28) අවසන් ගෞරව දැක්වීය.

ඔහු ගුවන් හමුදාවට එක්ව ඇත්තේ 2001 ජනවාරි 19 වැනිදා වන අතර ඔහු බලලත් නිලධාරි වශයෙන්  උසස් කර තිබිණි.