ගුවන් හමුදාව දින 10න් හැදූ ගොඩනැගිලි දෙකක් අයිඩීඑච් රෝහලට


ළහිරු හර්ෂණ

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මුල්ලේරියාව ජාතික බෝවන රෝග ‍විද්‍යායතනයේ රෝගී පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා සාදා නිමකළ අංග සම්පූර්ණ ගොඩනැඟිලි ද්විත්වය අද(28) එයාර් කමාන්ඩර් උදුල විජේසිංහ මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත නිල වශයෙන් බාරදෙන ලදී.

ගුවන් හමුදා දායකත්වයන් පැය 24 පුරා සේවය කර දින 10 කට අඩු කාලයකින් සාදා නිමකල මෙම ගොඩනැගිල්ල කාමර 16 කින් සමන්විතය.

අනිල් ජාසිංහ මහතා විසින් අනතුරුව  අයිඩිඑච් රෝහලේ අධ්‍යක්ෂක හසිත අත්තනයක මහතා වෙත මෙම ගොඩනැගිල්ල බාරදෙනු ලැබීය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ දායකත්වය අනුව මෙය සිදු කර තිබේ.