ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා ගුවන් ගිලන් රථ බවට පෙරළයි


 

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයකු රැගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් ඇතුළත් කරමින්, ගුවන් හමුදාව විසින් එම් අයි-17 දරන හෙලිකොප්ටරය ගුවන් ගිලන් රථයක් බවට පත්කර නවීකරණය කර නිමවීමේ කටයුතු ඉකුත් දා සිදුකරන ලදී.
 
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත, ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්ෂකවරයාගේ මෙහෙයවීම අනුව, අංක 6 දරන හෙලිකොප්ටරය බලගණය එහි කටයුතු සඳහා දායක වූයේය.
 
නවීකරණයට ලක් වූ මෙම හෙලිකොප්ටරයෙහි රෝගීන් 12දෙනෙකු එකවර රැගෙන යා හැකි අතර ගිලන් සයන 12ක් ද තැබීමට පහසුකම සලසා ඇත.
 
මෙම ගුවන් ගිලන් රථය සමඟ ගුවන් හමුදා කාර්ය මණ්ඩලය සහ වෛද්‍ය ඒකකය හදිසි අවස්ථාකවදී ක්‍රියාකිරීම සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරෙහි සූදානම් ව සිටිති.

(ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශය)