ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සර උත්සවයෙන්


(ළහිරු හර්ෂණ)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද (2) දිනට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ආචාර පෙළපාළියක් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව තුළ වර්ෂ 1951 මාර්තු 02 දින රාජකීය ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමඟ ගුවන් හමුදා ඉතිහාසය ආරම්භ වී ඇති අතර 1972 වසරේ මැයි මස 22 දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වීමත් සමඟ රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පරිවර්තනය වන ලදී.

සංවත්සර සැමරුම් උළෙලට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරීම හා රුක්රෝපණ වැඩසටහනක් ද ගුවන් හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.