ගොකරැල්ලේ තරුණයෙක් ගිනස් වාර්තාවකට සැරසෙයි


(උපුල් තම්මිට)
 

යතුරු පැදියක සිටගෙන කිලෝමීටර් 100ක දුරක් ධාවනය කරවා නව ගිනස් වාර්ථාවක් තැබීම සදහා කුරුණෑගල ගොකරැල්ලේ තරුණයකු අද (16) අනුරාධපුරයෙන් ගමන් ආරම්භ කළේය.

කුරුණෑගල ගොකරැල්ලේ පදිංචි අකලංක මැටිකුඹුර(25) නම් තරුණයා අද අනුරාධපුර පොතානේගම හන්දියෙන් සිය ධාවනය ආරම්භ කළ අතර සිය ගමනාන්තය කුරුණෑගල නගරය බව කියැවේ.

මේ සදහා ඔහු උපයෝගී කරගෙන ඇත්තේ දේශීයව එකලස් කළ යතුරුපැදියකි.

මීට පෙර මෙවැනි ගිනස් වාර්තාවක් පිහිටුවා ඇත්තේ ඉන්දියාවේ තරුණයකු වන අතර ඔහු මේ ආකාරයෙන් ධාවනය කර ඇති දුර කිලෝමීටර් 32ක් බව වාර්තාවේ.