ගෝඨාභය නාරාහේන්පිට අභයාරාමයට ගොස් ආශිර්වාද ලබාගනී


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට අද (7) නාමයෝජනා බාරදීමෙන් අනතුරුව නාරාහේන්පිට අභයාරාමයට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.

අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා බෝධීන් වහන්සේ පැන්වලින් නහවා සිවුරක් ද පූජා කළේය.

මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ රාජපක්‍ෂ මහතාට බුදු පිළිමයක් ද පිරිනැමූහ.

පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක් එම අවස්ථාවට වැඩම කර සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්‍ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, ටී.බී. ඒකනායක, එස්.එම්. චන්ද්‍රසේන,ජයන්ත සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

055